Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘ස්ටාර්ලින්ක්’ සමාගමෙනුත් මෙරටට පරිත්‍යාගයක්

11 months ago

ආපදා නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් සමස්ථයක් ලෙස ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

සහන වැඩපිළිවෙලට ආධාර ලෙස ලැබුණු මුදල් සහ භාණ්ඩාගාරයෙන් ලබා දුන් මුදල් ඇතුළුව මෙම සමස්ථ මුදල සහන සැලසීමට ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළා.

ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව පවසා සිටියා.

මේ අතර අමෙරිකාවේ ස්ටාලින්ක් ආයතනය විසින් ආපදා කළමනාකරණ කටයුතු සාර්ථකව කර ගැනීමට සබඳතා පවත්වා ගැනීම සඳහා ස්ටාලින්ක් යුනිට් 100ක් පරිත්‍යාග කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.