පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි කඹුරුගමුව, වූතුඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වැඩිමහල් සහෝදරයා සමග පැවති දිගුකාලීන ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනයට සැකපිට 36 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
