රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ අද (14) පස්වරු 05.00 වන විට මියගිය සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 183 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
එසේම දිවයින පුරා පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන 766 ක් තුළ පවුල් 22,638කට අයත් පුද්ගලයන් 70,359 දෙනෙකු නවාතැන්ගෙන සිටිනවා.
