මේ සතියේදී බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 466 දෙනෙක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය.
මාරාන්තික ඩෙංගු උවදුර වැළැක්වීමට ක්‍රියාත්මක කරන පූර්ව විධිවිධාන ක්‍රියාකාරි සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා (11) එක්වෙමින් කපිල කන්නංගර මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 263ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 146ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 57ක් වාර්තා වී ඇති බව හෙතෙම කීවේය.
මීට අමතරව යාපනයෙන් 36ක්, කුරුණෑගලින් 26ක්, රත්නපුරෙන් 68ක් හා කෑගල්ලෙන් 20 දෙනකු වාර්තා වී ඇති බව ඒ මහතා කියා සිටියේය.
ඉදිරියේදී ඊසාන මෝසම ඇති වන හෙයින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බව පැවැසූ කපිල කන්නංගර මහතා සිය පරිසරය පිරිසුදුව තබා ගැනීම ජනතාවගේ වගකීමක් හා යුතුකමක් බව පැවසීය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමාජය (IFRC) හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය (NDCU) ආයතන එක්ව මෙම ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
