Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

11 months ago

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳදහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට දැඩි ශෝකය පළ කරන බවයි.

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සමග අඛණ්ඩව සහයෝගයෙන් සිටින බව ජනාධිපතිවරයා පැවසුවේ, ප්‍රචණ්ඩත්වයට සහ වෛරයට සමාජය තුළ කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කරමින් ය.