ජපන් කාන්තාවක් වන යුරිනා නොගුචි තම විවාහ ගිවිස ගැනීම අවලංගු කර AI මනාලයෙකු සමඟ විවාහ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය විවාහ වී ඇත්තේ ChatGPT යෙදවුම මඟින් ජනනය කරන ලද “ලූන් ක්ලවුස් වර්ඩුරේ” නම් AI පුරුෂයෙකු සමඟය.
බටහිර ජපානයේ පැවති මෙම විවාහ උත්සවයේදී, AI මනාලයා ස්මාර්ට්ෆෝන් තිරයක ඩිජිටල් රූපයක් ලෙස ප්‍රදර්ශනය කර දිවුරුම් හුවමාරු කරගෙන ඇත.
නීත්‍යානුකූල නොවූ මෙම උත්සවය සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක සියලු අංගයන්ගෙන් සමන්විත වූ බවද සඳහන්ය.
