අම්පිටියේ සුමන හිමියන්ට මඩකළපුව මහාධිකරණය දැඩි කොන්දේසි යටතේ ඇප නියම කර ඇත.
ජාතින් අතර අසමගිය ඇති කරමින් සංහිඳියාව බිඳහෙලන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
මහාධිකරණ විනිසුරු ජී. ප්‍රභාකරන් විසින් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, විදෙස් ගමන් තහනමක් පනවා ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කර ඇත.
