Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වහාම ඉල්ලා අස්වෙන්න! සජබය ඇමති නලින්දගෙන් ඉල්ලයි!

11 months ago

ආනයනය කළ ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ එන්නත් නිසාවෙන් ජීවිත හානි 02ක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වගකීම භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසනවා.

නමුත් අමාත්‍යවරයා මේ වන විට වගකීමෙන් බැහැර වීමට උත්සහ දරන බවට ඔහු චෝදනා කරනවා.

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන බවට කී දේශපාලන සදාචාරයට අනුව නිවැරදිව නම් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.