Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු පැටී රිමාන්ඩ්! කපුවාට ඇප!

11 months ago

මුදල් විශුද්ධිකරණ පනත යටතේ තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුලු දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සිද්ධියට අදාල පළමු සැකකරු වන ලොකු පැටී ලබන 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද(19) නියෝග කළා.

නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල පළමු සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණය පෙනී සිටියා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයෙන් එලෙස නියම කළා.