Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිළධාරියාට පහරදුන් බවට චෝදනා එල්ල වුණු මාලිමා මන්ත්‍රීගෙන් චෝදනාවලට පිළිතුරු

11 months ago

තමන්ගේ පාර්ශ්වයෙන් කිසිඳු අවස්ථාවක පොලිස් නිලධාරියාට පහරදීමක් සිදු නොවූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසනවා.

ඒ අනුව තමා විසින් අදාළ පුද්ගලයාට පහරදීමක් සිදු නොකළ බවත්, අදාළ පුද්ගලයා විසින් තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම සිදුවීම සිදු වන අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා බීමතින් සිටි බවත්, තමා මාර්ගයේදී හමුවී ඔහු තමන්ට චෝදනා කරමින් පහරදීමට උත්සාහ කළ බවත්, අවට සිටි පිරිස් විසින් එය වැළැක්වීමට කටයුතු කළ බවත්, තමා මේ සම්බන්ධයෙන් කොලොන්න පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.