Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නායයෑම් ආශ්‍රිත පාසල් වෙනත් ස්ථානවලට

11 months ago

UNICEF සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (20) වැනි දා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කර තිබේ.

එහිදී අපදාවට ලක්වු පාසල්, පෙර පාසල් හා විශ්වවද්‍යාල පද්ධතිය මුහුණ පා ඇති ගැටළු පිළිබදවත් ඒවා විසදීමට රජය ගනිමින් සිටින ක්‍රියාමාර්ග හා ඒහිදී මුහුණ දෙන අභියෝග පිළිබදවත් UNICEF නියෝජිතයින් වෙත අගමැතිනිය විසින් කරුණු පැහැදිලි කර ඇත.

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හඳුනාගෙන, විද්‍යාත්මක පදනමක් මත සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.