Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යාජ පුවතක් පිළිබඳව සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

11 months ago

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනයට එරෙහිව හඩ නැගූ තම පක්ෂයේ නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතාගේ ස්ථාවරය සහ අප පක්ෂයේ ස්ථාවරය නොවන බවට ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සකස් කර යම් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍යයේ සංසරණය කරන බවට සමගි බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම පක්ෂය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

ප්‍රමිතියෙන් තොර ඖෂධ මාෆියාවට එරෙහිව සෑම අවස්ථාවකම හඩ නගන සහ ඊට එරෙහිව නීතිමය පියවර ගත් එකම දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුව ඇති ප්‍රමිතියෙන් තොර ඔන්ඩැන්සෙට්ට්‍රේන් එන්නත් ආනයනයට එරෙහිව ද සෘජුව විරෝධය ප්‍රකාශ කරන ලදී, 

මෙරට තුළ සිදුකරන ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනටනයට එදා සිට අඛණ්ඩව හඩ නැගූ අප පක්ෂයේ නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා මෙවරත් මෙම ජනතා විරෝධී කටයුත්තට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින පසුබිමක, ඔහුගේ එම ස්ථාවරය අප පක්ෂයේ ස්ථාවරය නොවන බවට ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සකස් කර, යම් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍යෙය් සංසරණය කරන බවට දැනගන්නට ලැබී තිබේ.

එම ව්‍යාජ මාධ්‍ය නිවේදනයට හසු නොවන ලෙසත්, මෙරට ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ඖෂධ මාෆියාවට එරෙහිව මා ඇතුළු සමගි ජන බලවේගය අඛණ්ඩව පෙනී සිටින බවත් අවධාරණය කරමි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මාෆියාවට නොභියව පෙනී සිටින අප පක්ෂයේ නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා ඒ වෙනුවෙන් ලබාදිය හැකි ශක්තිය සමගි ජනබලවේගයේ අප සියලුදෙනා නොපැකිළව ලබාදෙන බවත්, පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සදහා අප නිරන්තරයෙන් කැපවන බවත් අවධාරණය කරමි.