දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වනවිට 150ත් 200ත් අතර පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පසුගිය දිනවලදී වායු ගුණාත්මකභාවය පහළ යාමක් නිරීක්ෂණය වී ඇති අතර එය පසුගිය පැය 24 තුළද දැකගත හැකි වූ බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට අහිතකර විය හැකි බැවින් හුස්මගැනීමේ අපහසුතා හෝ ආසාත්මිකතා ඇතිවුවහොත් වහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.
අන්තර්දේශසීමා වායු සංසරණය, ඊසාන දිග මෝසම සක්‍රිය වීම සහ ගිනිතැබීම්, වාහන දුමාරය, ප්ලාස්ටික් හා පොලිතීන් පිලිස්සීම වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙයට හේතු වන බවද සඳහන් කර ඇත.
වායු ගුණාත්මකභාවය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
