Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා මන්ත්‍රී ශාන්තගේ පහරදීමේ සිදුවීම ගැන පොලීසියෙන් නිවේදනයක්

11 months ago

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී යතුරුපැදිය පැහැරගත් බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පැමිණිල්ල අනුව, පසුගිය 20 වැනි දින රාත්‍රී සූරියකන්ද ප්‍රදේශයේදී සිද්ධිය සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අතර, මන්ත්‍රීවරයා විසින් ද පොලිස් කොස්තාපල්වරයෙකු තම කැබ් රථය නවතා පහරදීමට උත්සාහ කළ බවට කොළොන්න පොලිස් ස්ථානයට වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය පසුව පොලිස් භාරයට ගෙන ඇති අතර, තුවාල ලැබූ නිලධාරියා රෝහල්ගත කර තිබේ.

අදාළ නිවේදනය මගින් පොලීසිය සඳහන් කර ඇත්තේ රෝහලේ රෝගී කාර්ය සටහන් වාර්තාවේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනය වන බවට වෛද්‍ය වාර්තාවේ සටහන්ව ඇති බවත් නිලධාරියාගේ මුත්‍රා සාම්පල්වල මත්ද්‍රව්‍ය සාන්ද්‍රන්‍ය නොමැති බැවින් රුධිරයේ සාම්පල් ලබා ගෙන මත්පැන් භාවිත කර සිට ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.