ඇල්ල සංචාරක කලාපය තුළ ජංගම යෙදුම් (PickMe, Uber) හරහා ප්‍රවාහන සේවා සපයන රියදුරන්ට පහර දී බාධා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව රාජකාරිය පැහැර හැරී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
2025.12.19 වන දින ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, අදාළ නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (22) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
