පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයාට ඇප නියම කර තිබෙනවා.
ඒ, අද (22) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට අදාළ නිලධාරියා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප නියම කර තිබෙනවා.
සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය මඟින් අද (22) පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
මෙම නඩුව යළි ලබන ජනවාරි 26 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.