Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැලණියේ අද විශේෂ රථ වාහන සැලැස්මක්

11 months ago

කැලණි රජමහා විහාරය මගින් වාර්ෂිකව පවත්වන දුරුතු මහා උත්සවයට සමගාමිව සංවිධාන කරන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර අද (23) වීදි සංචාරය කරනවා.

අද (23) පස්වරු තුනට හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වන පෙරහැර ගල්බොරැල්ල වලංකඩ හංදිය අසලින් විහාර මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම අසලින් කැලණි රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇතුල් වීමට නියමිතයි.

ඒ අනුව පස්වරු තුනේ සිට පෙරහැර අවසන් වන තුරු එය ගමන් කරන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ.

එම කාලය තුළ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.