යාපනය – පේදුරුතුඩුව නගර සභා සීමාව තුළ හෝටල් සහ ආහාර අලෙවිසැල්වල ලන්ච් ෂීට් භාවිතය 2026 ජනවාරි 01 සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පේදුරුතුඩුව නගර සභාව තීරණය කර ඇත.
මෙම තහනම උල්ලංඝනය කරන වෙළෙඳසැල්වලට දැඩි නීතිමය පියවර ගන්නා අතර, ව්‍යාපාරික බලපත්‍ර අත්හිටුවීමටද කටයුතු කරන බව දැනුම් දී ඇත.
ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ, නෙළුම් කොළ, තේක්ක කොළ වැනි ස්වාභාවික දෑ හෝ අනුමත ඇලුමිනියම් ෆොයිල් සහ අනෙකුත් අනුමත බඳුන් භාවිතා කරන ලෙස නගර සභාව උපදෙස් ලබා දී තිබේ.
