Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශරීරයේ බර අඩුකරන්න බෙහෙත් පෙත්තක්

11 months ago

ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් එන්නතක් ලෙස භාවිත කළ ඖෂධයක්, පෙත්තක් (tablet) ලෙස වැඩිදියුණු කර නිපදවූ නව ඖෂධයකට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය (FDA) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙය බර අඩුකිරීමේ වෛද්‍ය ක්ෂේත්‍රයේ වැදගත් හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙන අතර, රෝගීන්ට වඩාත් පහසු සහ ප්‍රායෝගික විකල්පයක් ලබාදෙන නව අවස්ථාවක් ලෙසද විශේෂඥයන් පෙන්වා දෙනවා.

මෙම නව ඖෂධය නිපදවූ Novo Nordisk සමාගම පවසන්නේ, ශරීර බර අඩුකිරීම සඳහා භාවිත වන එන්නතක් පෙත්තක් ලෙස පරිවර්තනය කර FDA අනුමැතිය ලබාගත් පළමු අවස්ථාව මෙය බවයි.

ඒ අනුව, මෙය බර අඩුකිරීමේ ඖෂධ ක්ෂේත්‍රයේ “නව යුගයක ආරම්භයක්” ලෙසද හැඳින්විය හැකි බව සමාගම සඳහන් කරයි.

මෙම පෙත්ත, එන්නත් භාවිතයට අපහසුතාවක් ඇති පුද්ගලයින් සඳහා ඉතාමත් පහසු විකල්පයක් බවයි වාර්තා වෙන්නේ.

එසේම, එන්නත මඟින් ලබාගන්නා ප්‍රතිඵල මෙන්ම ප්‍රතිඵල මෙම පෙත්තෙන්ද ලබාගත හැකි බව Novo Nordisk සමාගම අවධාරණය කර තිබෙනවා.