පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීමේ නඩුවකට අදාළව අද (23) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
ඇප මත මුදා හැර සිටින මන්ත්‍රීවරයා නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට පැමිණ නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙම නියෝගය ලබා දුන්නේය.
