අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔහු අද (24) දහවල් කොටුව පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.
නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කෙරුණා.
