ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි සහ ඉදිකිරීම් ප්‍රමාද කරන සුදුසුකම් නොමැති කිසිදු කොන්ත්‍රාත් සමාගමක්, ආයතනයක් හෝ පුද්ගලයෙකුට 2026 වසරෙන් පසු රජයේ සංවර්ධන කොන්ත්‍රාත් ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (දෙසැම්බර් 23) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමකට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“2025දී මුදල් ලැබීම යම් ප්‍රමාදයක් තිබුණා. නමුත්, නිසි පරිදි මුදල් අවශ්‍ය සංවර්ධන කටයුතුවලට ලැබුණා. පළාත් පාලන ඡන්දය හා අය-වැය ආදි කටයුතු නිසා යම් ප්‍රමාදයක් සිදු වුවත් නිසි පරිදි මුදල් ලැබුණා. නමුත් සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්නට ඉදිකිරීම් සිදු කරන කොන්ත්‍රාත්කරුවන් නිසා මේ වැඩ නිසි පරිදි වේගයෙන් සිදුවන්නේ නැහැ. ඔවුන් සිදු කරන මන්දගාමී තත්ත්වය නිසා නිසි පරිදි සංවර්ධන ඉලක්කවලට ගමන් කිරීමට නොහැකි වීම තුළ ආණ්ඩුවට ද රජයේ නිලධාරීන්ට ද යම් යම් ගැටලු ඇති වෙනවා.
මේ නිසා සම්පත් නොමැති මානව සම්පත් උපකරණ හා තාක්ෂණය ආදිය නැති නිසි පරිද නිසි කාලයට අදාළ කොන්ත්‍රාත්තුව ඉදිකර ආණ්ඩුවට ලබා නොදෙන පහසුකම් නොමැති කිසිදු කොන්ත්‍රාත්කරුවෙකුට මින් ඉදිරියේදී කොන්ත්‍රාත් ලබා දෙන්නේ නෑ. සමහර කොන්තාත්කරුවෝ කරන්න බැරි විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් බදාගෙන වැඩ කරන්නේ නැතුව අනාගෙන ඉන්නවා. මේ නිසා අපේ ආණ්ඩුවේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේ යම් ප්‍රමාදයක් දැකිය හැකියි.
දන් බලන්න 2025 ඉවරයි. තවත් සමහර ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති මේ කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාද කර තියෙනවා. නමුත් 2026දී මෙයට වඩා සංවර්ධන ව්‍යාපෘති රට හමුවේ සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. මේ නිසා මේ කොන්ත්‍රාත් ප්‍රශ්නය විසඳාගත යුතුව තියෙනවා.”
