දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් හෙට දිනට (25) යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම නියෝගය සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්තියේ හෝටල් බලපත්‍ර (FL 7) සහිත ස්ථාන සහ විශේෂ අවුරුදු තුනේ බලපත්‍ර හිමි ස්ථාන සඳහා බලපැවැත්වෙන්නේ නැති බවයි.
ඒ අනුව එම ස්ථානවල මත්පැන් පිරිනැමීම සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
