ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියේදී උදා වනවා.
ඒ අනුව, මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම දේව මෙහෙය පැවැත්වෙන බව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර සිටියා
