Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ රංගධර සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අද දැයෙන් සමුගනී

11 months ago

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

ඒ මහතාගේ දේහය ඊයේ පෙරවරුවේ (24) කැලණියේ පිහිටි නිවසට රැගෙන ආවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ආවප්‍රාප්ත වන විට ඒ මහතා 84 වැනි වියේ පසුවුණා.

පවුලේ හයවන දරුවා ලෙස 1941 පෙබරවාරි 10 වැනිදා කැලණියේ දී මෙලොව එළිය දුටු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූවා.

1961 වසරේදී කළාගුරු ජේ.ඩී.ඒ පෙරේරා සූරීන්ගේ වෙස්සන්තර නාට්‍යයෙන් වේදිකාවට පිවිසෙන සතිස්චන්ද්‍රයන් බක්මහ දීගේ, මුහුදු පුත්තු, මහාසාර, කුවේණි, රත්තරං, කොරා සහ අන්ධයා, මනරංජන වැඩවර්ජන යන ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක් හරහා සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූවා.

එමෙන්ම සතිස්චන්ද්‍රයන් වේදිකා නාට්‍ය ගණනාවක් ද අධ්‍යක්ෂණය කළා.

1960 වසරේදී සංදේශය චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු, එතැන් පටන් දශක කිහිපයක් පුරා චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබුණා.

ඒ අතර, වීර පුරන් අප්පු, සිරිපාල සහ රන්මැනිකා, බඹරු ඇවිත්, හන්තානේ කතාව, නිධානය, අහස් ගව්ව වැනි සිනමා නිර්මාණවල ඔහු ගේ රංගනයන් අදටත් රසික හදවත් තුළ නොනැසී පවතිනවා.