කොහුවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ 21 හැවිරිදි තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉකුත් 22 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් එල්ල කළ වෙඩි ප්‍රහාර තුනකින් ඔහුගේ උදරයට සහ දකුණු අතට බරපතල හානි සිදුව තිබුණා.
මියගිය තරුණයා විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “අවිශ්ක” නමැත්තාගේ මුදල් කටයුතු මෙහෙයවන ප්‍රධානතම ගෝලයා බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ප්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.
