Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට පන්සල් හදන්න වියට්නාමයෙන් අතහිත

11 months ago

බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මිය අතර විශේෂ හමුවක් අද (26) පෙරවරුවේ පැවැත්වුණා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වියට්නාමයේ ‘Truc Lam’ බෞද්ධ ආරාමය විසින් ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් මෙහිදී පරිත්‍යාග කරනු ලැබුවා.

දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවූ අතර Truc Lam බෞද්ධ ආරාමය මගින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ආගමික ව්‍යාපෘති පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.