රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය 15 වනදා ඇප හිමිවු බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු පිටව ගියා.
සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් පස්දෙනෙකු පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දුනිසියාවේ සැගව සිටිය දී අත්අඩංගුවට ගත්තා.
ඒ පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන නිලධාරියෙකුගේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම මතයි.
කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පිරිසක් සමග සිටි බැකෝ සමන් නොහොත් නිර්මල ප්‍රසංග ද මෙහිදි අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.
ඉන්දුනිසියාවේ සැගව සිටි බැකෝ සමන්ගේ බිරිද හා දරුවා ද මෙරටට රැගෙන ඒමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදි ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
30 හැවිරිදි ශාධිකා ලක්ෂානි නැමැති මෙම සැකකාරියට පසුගිය 15 වනදා ඇප හිමිවුණා.
එහෙත් ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමට ඇයට හැකිවුයේ ඊයේ (26) දිනයේදීයි.
රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් හා රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදල් ඇප මත සැකකාරිය නිදහස් කෙරුණා.
එමෙන්ම ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.
ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු සැකකාරිය පිටව ගියා.
