Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාධ්‍ය මර්දනය ගැන නැගෙන චෝදනාවලට ඇමති නලින්දගෙන් පිළිතුරු

11 months ago

මාධ්‍ය අවකාශයන් හි අවශ්‍ය පරිදි ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, සමහර නාළිකා හා සමාජ මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් විසින් විකෘති සහ ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කිසිදු ආකාරයකින් මාධ්‍ය මර්ධනයක් සිදු නොකරන බවත්, ආණ්ඩුව විවේචනය කිරිමට හා අඩුපාඩු පෙන්වාදීමට මාධ්‍යයට හැකියාව පැවතිය ද, විකෘති තොරතුරු හා බොරු තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ක්‍රියා කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා නිලධාරීන් සදහා ලැප්ටොප් පරිගණක ලබාදීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.