Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන ගත් තීරණය

11 months ago

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

1. දේහය 2025 දෙසැම්බර් මස 31 වන දින පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.

2. එදින පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කෙරේ.

3. එසේම 2025.12.28 රාත්‍රී 11.00 දක්වා ද, 2025.12.29 සහ 2025.12.30 දෙදින පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ද බොරැල්ල ‘ජයරත්න රෙස්පෙක්ට්’ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ලතා වල්පොල 91 වන වියේ පසුවුණා.

ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපට 600 කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබා දී ඇති අතර සරසවි සම්මාන 5 ක්, ජනාධිපති සම්මාන 2 ක්, කලාශූරී සම්මානය ඇතුළු සම්මාන රැසකින් ලතා වල්පොල පිදුම් ලබා තිබෙනවා.