Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

දිනක් තුළ සැකකරුවන් 840ක් කොටු කළ පොලිස් මෙහෙයුම

11 months ago

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී, ගත වූ දිනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අදාළව පුද්ගලයින් 840දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම වැටලීම් අතරතුර හෙරොයින් ග්‍රෑම් 378ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් සහ හෂීෂ් ඇතුළු විවිධ විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පුද්ගලයින් 11දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව හඳුනාගත් සැකකරුවන් 06දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.