Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙම්වතාට එන්න කියා දුරකථන ඇමතුමක් දී ගිංඔයට පැන්න තරුණිය අතුරුදන්

11 months ago

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය බේරා ගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන ඇති අතර ප්‍රදේශ වාසීන් විසින් එම තරුණයා බේරාගෙන තිබෙනවා.

තරුණිය දියේ ගසා ගෙන ගොස් ඇති අතර වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.