Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්තලින් අපගමන බද්ද ඉවත් කරයි

11 months ago

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කර තිබෙනවා.

ඒ ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින්.

ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අයකෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරනු ඇති.

චක්‍රලේකයේ දැක්වෙන්නේ ලබන වසරේ ජුනි 26 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බවයි.

මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.