Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!

11 months ago

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.

සභාව ආරම්භ වූ වහාම විපක්ෂ මන්ත්‍රීවරු නගරාධිපතිවරයා සහ නිලධාරීන්ට විරෝධය පළ කරමින් “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් ඝෝෂා කර ඇත.

පසුව කාරක සභා අවස්ථාව ප්‍රකාශ කිරීමත් සමඟ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් වතුර බෝතල් භාවිත කර ජල ප්‍රහාරයක් එල්ල කළහ.

තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් නගරාධිපතිවරයා සභාව පැය භාගයකට කල් තබා සභාවෙන් බැස ගියේය.