Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කරගැනීම මාර්ගගත ක්‍රමයට

11 months ago

වත්මන් රජය ගෙන යන ඩිජිටල් රාජ්‍යකරණය ප්‍රතිපත්තිය තවත් ඉදිරියට ගෙන යමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන මාර්ගගත ක්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

www.pubad.gov.lk ඔස්සේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි ය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ, තම අතේ ඇති ජංගම දුරකථනයෙන් නිවාඩු නිකේතනක් වෙන්කර ගැනීමේ අවස්ථාව උදාකර දීම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවත්, ඉදිරියේ දී ජනතාවගේ ප්‍රතිචාර සමඟ අවශ්‍යතා අනුව වෙනස්කම් සිදු කරමින් වත්මන් රජයේ ඩිජිටල් ක්‍රියාදාමය ශක්තිමත් කරමින් ජනයාට අවශ්‍ය සේවාවන් සැලසීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත් ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා ඇතුළු අමාත්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.