මෙරටින් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම සියයට 20ක ප්‍රතිශතය 2026 ට පමණක් අදාළ වන ලෙස සියයට 12ක් දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස ජනතා සභාවේ නියෝජිතහිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇත.
දිට්වා සුළි කුණාටුවත් සමග මෙරටට විශාල ආපදාවක් සිදු වූ බැවින් මෙරට දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්රමුඛ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් ලෙස 2024 වසරේ පැවැති අගයට එලෙස තීරු බදු අඩු කරන ලෙස ඉල්ලීම කරතිබේ.
එම ඉල්ලීම ඉටු කරන්නේ නම් එහි වාර්ෂික මුල්‍ය වටිනාකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්) මෙරටට ලබා දෙනු ලබන ණය මුදලේ එක් වාරික අගයකටත් වඩා ඉහළ අගයක් ගන්නා බව ද එහි සඳහන් කර ඇත.
