මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට බැණ තර්ජනය කර පහරදුන්නැයි කියන සිද්ධියට අදාලව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඉදිරිපත්වි තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කරන්නේ එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම ඔහු පොලිසියට පැමිණ ඇති බවයි.
සභාපතිවරයා පහරදුන්නැයි කියන සිද්ධියකට අදාලව එහි ලේකම්වරිය මතුගම වෑත්තෑව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව මතුගම පොලිසිය ඊයේ (30) පැවසුවා.
ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන සිද්ධියකට උරණ වී සභාපතිවරයා තමන්ට පහරදුන් බව කියමින් එම ලේකම්වරිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.
සමගි ජනබලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ (20) උදෑසන එම සභාවේ ලේකම්වරිය රැදී සිටි කාමරයට ගොස් සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහකදී මෙම බහින්බස් වීම සිදුව තිබුණා.
