කොළඹ මහනගර සභාවේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.
මෙම විමර්ශන කමිටුවේ සාමාජිකයින් වන්නේ හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකාරී පළමු ශ්‍රේණියේ ඊ.ආර්.එම්.එස්.එච්.ඒකනායක,හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ යන මහත්වරුන්.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දශක ගණනාවක් පුරා කොළඹ මහ නගර සභාවට අයත් ඉඩම්,ගොඩනැගිලි ඇතුලු සියලු දේපළ සම්බන්ධයෙන් නගර සභාව මගින් සිදුකරන සැලසුම්, සේවා,ව්‍යාපෘති සහ විවිධ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා ,සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම,දේපළ ශාපරාධී ව්‍යපහරණය, රැවටීම,බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම කමිටුව සොයා බැලීමට නියමිතයි.
මෙම තොරතුරු විමර්ශනය 2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහනගර සභාව තුල සිදුව ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා මෙන්ම සාපරාධී විශ්වාසය කඩකිරීම් ඇතුලු ක්‍රියා විමර්ශනයට නියමිතයි.
මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත්තේ එය නිකුත් කළ දින සිට මාස 3 ක් ඇතුළත පළමු අතුරු වාර්තාවක් ලබා දිය යුතු බවයි.
ඉන් මසකට වරක් අතුරු වාර්තාව බැගින් සහ 6 මසක් ඇතුලත විම්ර්ශනයන් හි සහ පරීක්ෂණයන් හි නිගමනයන් සහ ඒවාට අදාල කමිටුවේ නිර්දේශ ඇතුලත් අවසන් වාර්තාව ලබා දෙන් ලෙස ද ජනාධිපතිවරයා නියම කර තිබෙනවා.
