Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ ප්‍රදේශ ‍රැසකට ලොකු වැස්සක්

11 months ago

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) සවස නිකුත් කළ නිවේදනයට අනුව මධ්‍යම, වයඹ, ඌව, උතුරු-මැද පළාත් සහ වව්නියාව, මන්නාරම, අම්පාර, කෑගල්ල දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

හෙට (01) උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂිතය.

සෙසු ප්‍රදේශවල පස්වරු 2 පසු වැසි ඇති විය හැකි අතර සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේ මීදුම් තත්ත්ව පවතිය හැක.

ගිගුරුම්, අකුණු සහ තාවකාලික තද සුළංවලින් අනතුරු අවම කරගැනීමට ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.