Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ උපන් මහාචාර්යවරයකුට නයිට් පදවියක්

11 months ago

මහා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් 2026 වසර සඳහා වන නව අවුරුදු ගෞරව ප්‍රදානයේදී එංගලන්තයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිශාන් කනගරාජාට නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.

මීට අමතරව, තවත් මහාචාර්යවරියන් තිදෙනෙකුට ඩේම් ගෞරව නාම පිරිනමා තිබෙන බවයි එම විශ්ව විද්‍යාලය නිවේදනය කරන්නේ.

මහාචාර්ය නිශාන් කනගරාජා ශ්‍රී ලංකාවේ උපත ලබා අධ්‍යාපනය ලබා, පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අයෙක්.

2019 වසරේ සිට ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති ලෙස කටයුතු කරන ඔහු, එහි Institute for Inclusivity in Higher Education පිහිටුවීමට පුරෝගාමී වූවා.

ඔහු සංඥා සැකසුම් පිළිබඳ පර්යේෂකයෙකු ලෙසද ප්‍රසිද්ධයි.

මෙවර ගෞරව ලැයිස්තුවට සමස්තයක් ලෙස උපකුලපතිවරුන් සිව්දෙනෙකු (4) ඇතුළත් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් මහතා ප්‍රකාශ කළේ, මෙම සම්මානලාභීන් තම පෞද්ගලික ලාභයට වඩා පොදු යහපත වෙනුවෙන් කටයුතු කරමින් බ්‍රිතාන්‍ය සමාජය ශක්තිමත් කිරීමට සහ ජීවිත වෙනස් කිරීමට දායක වූ විශිෂ්ට පුද්ගලයන් බවයි.