එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
මේෂ – ආර්ථිකය ශක්තිමත් වේ
ගෘහ ජීවිතය – නව වර්ෂය ආරම්භයේ ඔබගේ ලග්නයේ ග්‍රහ පිහිටීම් අනුව චතුර් ග්‍රහ යෝගයක් භාග්‍යස්ථානය හෙවත් පුණ්‍යස්ථානයේ පිහිටා තිබීම ධාර්මික වූත් යහපත් වූත් ජීවන රටාවක් අනුගමනය කිරීමක් පෙන්නුම් කරයි. 4 අධිපති සඳු දෙවැන්නේ උච්ච බල ඇතිව පිහිටීමෙන් වචනයේ ප්‍රියමනාප කාරුණික බව නිසා අන්‍යයන්ගේ ප්‍රසාදය හිමිකර ගනී.
රැකියාව – රැකියා කාරක සෙනසුරු 12 වැන්නේ නිසා විදෙස් රැකියා සඳහා ඇදී යාමක්ද, මව්බිමේ සිටම විදෙස් සබඳතා ඇතිව කරන රැකියා ව්‍යාපාර ද ඒවා බොහෝ දුරට තාක්ෂණය උපයෝගී කරගෙන යන බවද දක්නට ඇත. සෞඛ්‍ය ක්ෂේත්රය, කෘෂි කර්මාන්තය වැනි අංශ මෙරටෙහි දියුණුවේ. කෙසේ හෝ ආර්ථිකය ශක්තිමත් කරගනී.
අධ්‍යාපනය – මෙතෙක් අධ්‍යාපනයට තිබූ බාධක ඉවත් වී සියලු දරුවනට යහපතක්ම සැලසේ. විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ජයග්‍රහණ ලබා ගැනීමට මාර්ග සැලසේ.
ලග්න ඒරාෂ්ටක තත්ත්වයකට මුහුණදී සිටින බැවින් ඔබගේ කරන කියන කටයුතු අතර සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ආබාධිත අයට දානමාන දෙන්න. උපකාර කරන්න. බලු කපුටු දාන දෙන්න. නිල් මල් සහිත බෝධි පූජා සෙනසුරාදා දිනවල තබන්න.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)
