එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
වෘෂභ – මංගල යෝග
ගෘහ ජීවිතය – ලග්නාධිපති 5 අධිපති සමඟ යෝගව ගුරුගේ රාශියක තැන්පත් වීම අයහපත් නොවේ. 4 වැන්න දැකීම අනුව ගෘහ ජීවිතය සතුටුදායක වන අතර ධෛර්ය සම්පන්න වේ. දේපළ නිවාස ගැටලු විසඳේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවන ගෙදර දොර නවීකරණයක් පෙන්වන යාන වාහන හිමිවන වර්ෂයකි.
රැකියා – රැකියා කාරක මෙන්ම 10 වැන්නේ අධිපති ද වූ ලග්නයට යෝගකාරක සෙනසුරු ග්‍රහයා අයස්ථානයේ ගෝචර වීම සුබදායකය. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට භාග්‍ය උදවෙයි. හෝටල් ක්ෂේත්රයේ රැකියා ලාභ හිමිවේ. කෘෂි කර්මාන්තය වුවද දියුණු කරගත හැකිය.
අධ්‍යාපනය – පෙර පාසල් වයසේ සිටින දරුවන්ගේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලු දරුවන්ගේ ඉගෙනුම වර්ධනය වෙයි. නැතිවූ සියලු පාසැල් උපකරණ පරිත්‍යාගශීලීන්ගෙන්, රජයෙන් ලැබීමේ භාග්‍ය පිහිටයි.
ඔබ රැකියාවෙන් උපයන මුදලින් වැටකෙයා මලක් බෝධියට පූජා කරන්න. විෂ්ණු දෙවිඳුන්ට පින් දෙන්න. සිකුරාදා දිනවල බෝධි පූජා 21ක් තැබීමෙන් සහ විචිත්‍ර වර්ණවත් ඇඳුම් පැලඳුම් අසරණ අයට පරිත්‍යාග කිරීමෙන් අපල අවම වේ.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)
