නව වසර උදාව නිමිත්තෙන් රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (01) අලුයම රිය අනතුරකින් මියගොස් තිබේ.
අද අලුයම 2.30ට පමණ වලවේ ගඟ පාලම අසල මාර්ග බාධකයේදී, නතර කිරීමට අණ කළද නොනවත්වා ධාවනය කළ බීමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පලාගිය මෝටර් රථය අම්බලන්තොට නගරයට ආසන්න ප්‍රදේශයක තිබී සොයාගෙන ඇති අතර, බීමත්ව සිටි රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
