උපත් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උත්සාහයක කොටසක් ලෙස අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය උපත් පාලන ක්‍රම සඳහා 13% ක අගය එකතු කළ බද්දක් (වැට් බද්දක්) අය කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
චීනය විසින් වසර 30 කට වැඩි කාලයක සිට දැඩිව ක්‍රියාත්මක කළ “එක් පවුලකට එක් දරුවෙක්” ප්‍රතිපත්තිය ජනගහනය පාලනය කිරීමට උත්සාහ කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි චීන ජනගහනය පහත වැටීමකට මේ වනවිට මුහුණ දී ඇත.
එම නිසා උපත් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබෙන්නේ.
මේ අතර චීන රජය මඟින් මෙම වසරේදී ජාතික ළමාරක්ෂක සහනාධාර වැඩසටහන යටතේ වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වාර්ෂිකව යුවාන් 3,600ක් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
