අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ බාල පුත් ජෙරම් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ඇතුලු සැකකරුවන් සිව් දෙනකුගේ විදෙස් ගමන් වහාම තහනම් කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (31 වැනිදා) නියෝග කළා.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් සකී අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වත්තල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ශ්‍රී විභූෂණ එම නියෝගය කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සතොසට අයත් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පෙරේදා ඉකුත් 30 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධියට අදාල එම සැකකරුවන් දෙදෙනා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බවට හඳුනාගෙන තිබෙන නීතිපති උපදෙස් ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පදිංචි ස්ථාන හැර ගොස් පොලිසිය මග හරිමින් සැඟවී සිටින බව දන්වා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එම සැකකරු සෙවීමට පොලිස් කණ්ඩායම් කීපයක් ද යොදවා ඇතැයිද දන්වා සිටියා.
සැකකාර හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල සහ කොළඹ පදිංචි ස්ථාන රැසකට ගිය බවත්, ඔහු එම ස්ථානවල නොමැති බව ආවරණය වී ඇතැයි දන්වා සිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකාර හිටපු ඇමැතිවරයා සිය ජංගම දුරකථනයද විසන්ධි කර සැඟවී සිටින බව අධිකරණය වෙත දන්වා සිටියා.
මෙම සිද්ධියේ සැකකරුවන් වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ බාල පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කලමනාකරු ඉන්දික රත්නමලල, අවභාවිත කළැයි කියන සතොස ලොරි රථයේ රියැදුරු ලෙස කටයුතු කළ හීනටිගල විතානගේ සමන් නමැති අය විදෙස්ගත වීමට හැකි බවට සාධාරණ කරුණු ඉදිරිපත් වී තිබෙන හෙයින්, ඔවුන්ගේ විදෙස් ගමන් වහාම තහනම් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය හිටපු ඇමැතිවරයා ඇතුළු සිව් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර, ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා වහාම දැනුවත් කරන ලෙසද නියෝග කළා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කරුණු ඉදිරිපත් කරමින්, මෙම සැකකරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් එනම් සතොසට පිඅයත් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැවැත් වූ විමර්ශනයේදී සතොස ආයතනයේ තිබූ එක් ලොරි රථයක් අවභාවිත කිරීම තුළින් රුපියල් දෙලක්ෂ හතළිස් හතර දහසක් (244,000) අවභාවිතයක් සිදුව ඇති බව අනාවරණ වී ඇතැයි දන්වා සිටියා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ ලක්මාල් රත්නායක කරුණු ඉදිපත් කරමින් මීට වසර 09 කට ඉහතදී සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයන් අත්අඩංගුවට ඇති හෙයින් ඔවුන් ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරුවන් ලබන 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් අනෙක් සැකකරුවන්ට විදෙස් ගමන් තහනම පැනවීමට නියෝග කළා.
