අල්ලස් ලබාගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිමය කටයුතු කිරීමට අල්ලස් ලෙස රු 10,000ක මුදලක් ඉල්ලා එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කිරීමයි මෙම පොලිස් නිලධාරීයාට එරෙහි චෝදනාව.
කින්නියා පොලිස් ස්ථානය තුළදීම ඊයේ (31) සවස 5.20ට පමණ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
