මිල්කෝ ආයතනය හයිලන්ඩ් සන්නාමය යටතේ ඉහළම අලෙවි ඉලක්ක සපුරමින් ඉතිහාසගත ලාභයක් වාර්තා කිරීම වෙනුවෙන් සේවක මඩුල්ලට කාර්යසාධන දිරිගැන්වීම් ප්‍රදානය කර තිබේ.
එම උත්සවය ඊයේ (31) නාරාහේන්පිට මිල්කෝ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ, 2025 ඔක්තොබර් වනවිට මිල්කෝ රු. මිලියන 1490ක ලාභයක් උපයාගෙන ඇති බවත්, එය ආයතන ඉතිහාසයේ ඉහළම ලාභය බවත්ය.
එම ලාභයෙන් කොටසක් කිරි ගොවීන්ට දිරි දීමනා ලෙස බෙදාදීමටත්, 2026දී කිරි ගොවීන් 15,000කට නොමිලේ රක්ෂණාවරණයක් ලබාදීමටත් රජය සැලසුම් කර ඇත.
