Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිවිධ හමුදාවෙන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන සිය ගණනක්

11 months ago

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම සහ ආපදාවට ලක් වූ ප්‍රදේශ යළි ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් රුපියල් මිලියන 372කට අධික මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

යුද, නාවික සහ ගුවන් හමුදා යන ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලයන් සිය දිනක මූලික වැටුප මෙලෙස අරමුදල වෙත පරිත්‍යාග කර ඇති අතර, එම මුළු මුදල රුපියල් 372,776,918.28ක්.

එහිදී රුපියල් මිලියන 250ක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන්ද, රු. 73,963,879.71 ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්ද, රු. 48,813,038.97ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්ද මෙම අරමුදල වෙත බැරකර තිබෙනවා.

මෙම මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත් ඊයේ (31) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත නිල වශයෙන් පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.