6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ එම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයේ ඇති නුසුදුසු වෙබ් අඩවිය පැවති කොටස ඉවත් කර සිසුන් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
