පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලුම් ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලුම් සංඛ්‍යාව වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම වසරේ එම ප්‍රමාණය බහාලු අසු දෙලක්ෂ අනූදාහක් වනවා.
මෙම වාර්තාගත මෙහෙයුම කොළඹ වරාය තුළ ඇති බහාලු පර්යන්ත වන , වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය (JCT), නැගෙනහිර බහාලු පර්යන්තය(ECT), චීනයේ සමාගමක් වන SAGT පර්යන්තය සහ ඉන්දීය අදානි සමාගමට අයත් CICT බහාලු පර්යන්තයන්ගේ සාමුහික ප්රයත්නයක් ලෙස සැලකිය හැකියි.
2024 වසරේ කොළඹ වරායේ මෙහෙයුම් සිදු කළ බහාලු ප්‍රමාණය හැත්තෑහක් ලක්ෂය ( 7700000) වන අතර 2025 වසරේදී එම ප්‍රමාණය (6%) ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
මෙම වාර්තාගත මෙහෙයුම ඇගයීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩ සටහනක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තයේ දී පැවැත්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල යන මහත්වරුන් ද වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ අනෙකුත් බහාලු පර්යන්ත ප්‍රධානීන් ද එම අවස්ථාවට සහභාගී වුණා.
කොළඹ වරාය කේන්ද්‍රීය වරායක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2026 වසරේ දී ප්‍රති නැව් ගත කිරීම් හා ලොජිස්ටික් පහසුකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම 2026 වසරේදී වරාය අධිකාරිය සතු නැගෙනහිර බහාලු ( ECT) පර්යන්තය සහ බටහිර පර්යන්තයේ (WCT) ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීමත් සමඟ 2026 වසරේ දැවැන්ත බහාලු ප්‍රමාණයක් මෙහෙය වීමට කොළඹ වරායට හැකි වනවා.
එය 2026 වසරේ රටේ ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වනවා.
මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම නාවික සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ගැන සිය ප්‍රසාදය පල කර ඇති අතර , එම නැව් සමාගම ද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට එක් වීමට නියමිතයි.
